හොරොව්පතාන අලුත්ඔය මාර්ගයේ හබගම ප්‍රදේශයෙන් ගලා බසින යාන් ඔයේ තිබී ටී 56 ගිනි අවි සදහා භාවිතා කරන පතොරම් 970ක් ඇතුළු ගිනි අවි අමතර කොටස් රැසක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඊයේ (12) දවස පුරා හොරොව්පතාන පොලිසිය සහ තලෙයිමන්නාරම නාවික හමුදා කදවුරේ නිලධාරින් එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි මෙම ආයුධ තොගය සොයාගෙන ඇත්තේ.
සොයාගත් ආයුධ අතර ටී 56 වර්ගයේ පතොරම් 970ක්,බෝම්බ කොටස් 02ක්, LMG පතොරම් වැල් 12ක් ඇතුළු යුධ උපකරන තොගයක් මෙම මෙහෙයුමේදී සොයාගෙන තිබෙනවා.
මේ අතර පසුගිය 30 වැනිදා ද යාන් ඔයේ තිබී ආයුධ තොගයක සොයාගැනීමට පොලිසිය සමත්වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පතාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
