Gossips

යළ කන්නයේදී බඩඉරිඟු වගා නොකිරීමට ඉල්ලීමක් නැහැ – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

යළ කන්නයේදී බඩඉරිඟු වගාව සම්පූර්ණයෙන් නවතා දමන ලෙස කිසිදු ඉල්ලීමක් කර නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ සේනා දළඹු මර්දන විශේෂ ඒකකයේ ප්‍රධානී නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ අනුර විජේතුංග හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ සේනා දළඹුවා මර්දනය වන තෙක් යළ කන්නයේ බඩඉරිඟු වගාව පමා කරන ලෙස ගොවීන්ට උපදෙස් ලබාදුන් බවයි.
මේ අතර නොච්චියාගම – දොඹවලගම ප්‍රදේශයේ වී වගාවකට සේනා දළඹුවාගේ බලපෑම් එල්ලවී ඇති බවට හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.
ගොවීන් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් කෘෂි නිලධාරීන්ද දැනුම්වත් කිරීමට පියවර ගත් බවයි.