Gossips

යළි හිස ඔසවන ග්‍රීන්ෆීල්ඩ් ඉඩම් ජාවාරම

2013 වර්ෂයේ රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් හිරු සී.අයි.ඒ හරහා හෙළිකළ පුත්තලම ග්‍රීන් ෆීල්ඩ් පොල් ඉඩම් වංචාව නැවතවරක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
පසුගිය කාලයේ සිදුවූ ග්‍රීන් ෆීල්ඩ් පොල් ඉඩම් වංචාව හරහා දෙස් විදෙස් ගැනුම්කරුවන් රැසක් රුපියල් කෝටි ගණනක් මුදල් අහිමි කරගත්තේ මෙම ඉඩම් බොහොමයක් ව්‍යාජ ඔප්පු සකසා අලෙවි කර තිබීම හේතුවෙන්.
ග්‍රීන් ෆීල්ඩ් ඉඩම් වංචාව යනු මෙරට ක්‍රියාත්මක වූ මහා පරිමාණ ඉඩම් වංචා අතරට ගැණෙන්නක්.
2013 වසරේ මෙහි සියලු සොයාගන්නා හිරු සී.අයි.ඒ එය රට හමුවේ හෙලිකළා.
නීතියේ ඇසට වැලි ගසමින් මෙරට සැඟව සිටි මේ මහා පරිමාණ ඉඩම් වංචාවේ ප්‍රධාන සැලසුම්කරු වූ රොහාන් සමන් රත්නායක හෙවත් ස්ටීවන් හෙල්ගසන්
පළමුවරට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නිරාවරණය කෙරුණේද හිරු සී.අයි.ඒ හරහායි.
මෙම ව්‍යාපාරයේ ස්වරූපය වුණේ පුත්තලම – වනාතවිල්ලුව ප්‍රදේශයේ රජයේ ඉඩම් ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කරගෙන අන්තර්ජාලය හරහා විදෙස් රටවල
සිටිනා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අලෙවි කිරීමයි.
මෙම ඉඩම් වංචාවේ සිදුකෙරුණු තවත් බරපතළ අක්‍රමිකතාවයක් වූයේ මෙලෙස විකුණූ ඉඩම් නැවත නැවතත් අලෙවි කිරීමයි.
මේ සියලු කරුණු හෙළිකරගත් හිරු සී.අයි.ඒ ඒ පිළිබඳව රට හමුවේ හෙළිකිරීමත් සමග රොහාන් සමන් රත්නායක නම් මෙම වංචාවේ මහ මොළකරු අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පැවරීමට පොලිසිය කටයුතු කළා.
මෙම නඩු කටයුතු මේවන විට අවසන් නොමැති තත්ත්වයක් තුළ මෙම ඉඩම් නැවතත් විවිධ පුද්ගලයින්ට අලෙවි කිරීමේ ජාවාරමක් පවතින බවට හිරු සී.අයි.ඒ වෙත නැවතවරක් තොරතුරු වාර්තා වුණා.
ඒ අනුවයි හිරු සී.අයි.ඒ කණ්ඩායම අදාළ ප්‍ර දේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ.