දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද රාත්‍රියේ සහ හෙට දිනයේ උතුර, උතුරුමැද, නැගෙනහිර පලාත්වල මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලද සවස 2න් පසුව වැසි බලාපොරොත්තු වනවා.
