Gossips

යළි මැලේරියා අවදානමක්

දෙවසරකට පෙර මෙරටින් තුරන් කළ මැලේරියා රෝගය යළි සම්ප්‍රේෂණය වීමේ අවදානමක් මතුව තිබෙනවා.
මැලේරියා මර්දන ව්‍යාපාරය පෙන්වා දෙන්නේ සංක්‍රමණිකයන් මගින් මෙම රෝගය පැතිරයාමේ අවදානමක් උද්ගතව ඇති බවයි.
ඉන්දියාව ඇතුළු ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල මැලේරියා රෝගය ව්‍යාප්තව පවතින අතර, එම රටවල සිට පැමිණෙන සංක්‍රමණිකයන්ගෙන් මෙලෙස රෝගය පැතිර යා හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
මැලේරියා මර්දන ව්‍යාපාරය මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අනුරාධපුරයේදී ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.