Gossips

යළි දුම්රිය වර්ජනයක්

වැටුප් ගැටලූව සම්බන්ධයෙන් විසඳුම් නොමැති විම හේතුවෙන් ලබන 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට යළි වර්ජනයක නිරත වීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.
වැටුප් විෂමතා ගැටලුවට සමිබන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ අතර, එම සාකච්ඡාවට දුම්රිය පාලකවරුන්, ස්ථානාධිපති, රියදුරු ඇතුලු වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින් සහභාගි වුණා.
අද දහවල් දුම්රිය වෘත්තීය සමිති සහ වැටුප් කොමිසමේ සභාපතිවරයා අතර ද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.
කෙසේ නමුත්, එහිදී ද තම ගැටලුවට නිසි විසඳුමක් ලබා ගැනිමට හැකිවේ යැයි අපේක්ෂා නොකරන බව දුම්රිය වෘත්තිය සමිති පවසා සිටියා.
එම සාකච්ඡාවෙන් අනතුරුව පස්වරුවේ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ විධායක සභාව ද රැස්වීමට නියමිතයි.
කෙසේ වෙතත්, වැටුප් විෂමතා ගැටලුවට බළධාරින් විසඳුම් ලබා දීමට අපොහොසත් විම හේතුවෙන් යළි ලබන 29 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනයේ නිරත වන බවයි දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළේ්.
ඊට දුම්රිය නියාමකවරුන්, පාලකවරුන්, ස්ථානාධිපති, රියදුරු ඇතුලු අධික්ෂණ නිළධාරින් එක්වනු ඇති.