වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි අමෙන්ද්රා රත්නායකට එරෙහිව පැවැත්වෙන නඩුව ලබන 20 වනදා යලි කැඳවීමට අධිකරණය අද නියෝග කළා.
නඩු විභාගය අද (16) යළි විභාගයට ගනු ලැබුවේ තංගල්ල මහේස්ත්රාත් අධිකරණයේදී විභාගයට ගැනුනේ තංගල්ල මහේස්ත්රාත් මහී විජේසේකර මහතා හමුවේදීයි.
තංගල්ල රාජ්ය බැංකුවක සේවයේ නිරත කාලයේ සිදුවූ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි ඇයට පසුගිය 12 වනදා අධිකරණය විසින් ඇප ලබාදුන්නා.
