ජාතික ආණ්ඩුවේ තෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (01) පෙරවරුවේ සිදුකෙරුණා.
ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූ නව අමාත්‍යවරුන් සංඛ්‍යාව 18 ක්.
ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ඔහු මීට පෙර දරනු ලැබූ රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේම අද දිවුරුම් දී තිබෙනවා.
මීට පෙර විශේෂ කාර්ය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය සරත් අමුණුගමට මෙවර සංශෝධනයේ දී විද්‍යා තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු මෙන්ම කඳුරට උරුමය පිළිබඳ අමාත්‍ය ධූරයද හිමි වුණා.
එස්.බී. නාවින්න අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, මීට පෙර දරනු ලැබූ සංස්කෘතික අමාත්‍යාංශය ඔහුගෙන් ඉවත් කර තිබෙනවා.
ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද අමරවීර අද දිවුරුම් දෙනු ලැබුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසයි.
එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දුමින්ද දිසානායක වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී. හැරිසන්ට මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය හිමි වුණා.
අධිවේගී හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ කබීර් හෂීම්ගෙන් ඔහු මීට පෙර දැරූ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉවත් කර තිබෙනවා.
රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා දිවුරුම් දෙනු ලැබුවේ ඔහු මීට පෙර දරණ ලැබූ නීතිය, සාමය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්යාංශයේමයි.
අධිකරණ ඇමතිණිය ලෙස කටයුතු කළ තලතා අතුකෝරලට එම ධූරයට අමතරව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ද හිමිව තිබෙනවා.
ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ෆයිසර් මුස්තාෆායි. වාරිමාර්ග හා ජල කළමණාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජිත් විජයමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන, ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දුන්නේ.
මීට අමතරව නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන, හින්දු ආගමික හා උතුර සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඞී.එම්. ස්වාමිනාදන් අද දිවුරුම් දුන්නා.
ඔහු මීට පෙර දැරූ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ඉවත් කර ඇති අතර ඒ වෙනුවට උතුර සංවර්ධන නමින් නව විෂය පථයක් එක් කර තිබෙනවා.
තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායකට මෙවර සංශෝධනයේදී ව්‍යාපෘති කළමනාකරණ විෂය එක්කර තිබෙනවා.
ජාතික සංහිදියා, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයා ලෙස මනෝ ගනේෂන් අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
එමෙන්ම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දයා ගමගේට මෙවර සමාජ සුබසාධන අමාත්‍යාංශය ද හිමිව තිබෙනවා.
මීට පෙර ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ධූරය දැරූ ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාට එම අමාත්‍ය ධූරයට අමතරව තිරසර සංවර්ධන, වනජීවි අමාත්‍යාංශය හිමිවුණා.
එම අමාත්‍යාංශයේ මීට පෙර කටයුතු කළ රවීන්ද්‍ර සමරවීරට මෙවර සංශෝධනයේදී හිමි වුණේ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයයි.
මෙම අමාත්‍යාංශයේ මීට පෙර කටයුතු කළ ඩබ්ලිව්.ඩී .ජේ. සෙනවිරත්න ඉන් ඉවත් වීම නිසා එහි වැඩබැලීම සඳහා මලික් සමරවික්‍රමට පවරනු ලැබුවා.
එමෙන්ම පසුගිය දා අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු විජේදාස රාජපක්ෂට මෙවර කැබිනට් සංශෝධනයේදී අමාත්‍යාංශයක් හිමිවීම විශේෂත්වයක්.
ඒ අනුව අද ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසයි.
මේ අතර, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් හෙට දිවුරුම් දීමට නියමිතයි.