අතීතයේ මෙන්ම වර්තමානයේදී ද යහපත් සමාජයක් ගොඩනැගීමේ කාර්යයේ පෙරමුණ මහා සංඝරත්නය විසින් ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ කාර්යයේ මෙන්ම යහපත් සමාජයක හර පද්ධතීන් රැක ගනිමින් ඒවා පෝෂණය කිරීමට කැපවුයේ මහා සංඝරත්නය බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළකළා.