Gossips

යශෝධ රංගේ බණ්ඩාරට ඇප

රිය අනතුරක් සිදුකිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර ඇප මත මුදා හැරීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඒ රුපියල් 50,000 ක ශරීර ඇප මතයි.
ඔහුගේ රියදුරු බලපත්‍රය අධිකරණ භාරයට ගෙන ඇති අතර, නඩුව යළි ලබන 28 වනදා කැදවීමට නියමිත බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.
අධික බීමතින් සිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර ගමන් ගත් කැබ් රථය හලාවත – පුත්තලම ප්‍රධාන මාර්ගයේ කෝට්ටපිටිය මංසන්ධියේදී පසුගිය 6 වනදා අනතුරට ලක්වූ අතර, එහිදී එය නිවසක් තුළට ගමන් කිරීම නිසා එම නිවසට දැඩි අලාභ හානි සිදුවුණා.