Gossips

යශෝද රංගේ බණ්ඩාර අත්අඩංගුවට

ආරච්චිකට්ටුව කෝට්ටපිටිය හංදියේ සිදුවූ රිය අනතුරකට අදාළව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝද රංගේ බණ්ඩාර පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද උදෑසන ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව පොලිසිය විසින්.
අත්අඩංගුවට පත්වන විට යශෝධ රංගේ බණ්ඩාර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බව පොලිසිය ප්‍රකාශ කළා.
රජයේ දේපලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදු කිරීම, කඩුවක් සන්තකයේ තබාගෙන තහනම් පිහි ආඥා පනත යටතේ වරදක් සිදු කිරීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියාසිටියේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.