Gossips

යල කන්නයේ සිට කෘෂි රක්ෂණය නොමිළේ

ඉදිරි යල කන්නයේ සිට වී, අර්තාපල්, ලොකුළුෑණු, බඩඉරිඟු, සෝයා සහ අමු මිරිස් වගාවන් සඳහා නොමිළේ රක්ෂණාවරණය ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති සිඩ්නි ගජනායක කියා සිටියේ ඒ යටතේ මෙම භෝග වගා සිදුකරන ගොවීන් ලක්ෂ 25කට අක්කරයකට රුපියල් 40,000 බැගින් මෙම රක්ෂණාවරණය ලබාදෙන බවයි.
ඒ සඳහා රජය රුපියල් කෝටි 10,000ක් වෙන් කර තිබෙනවා.
2018 අයවැය යෝජනා යටතේ මීට පෙර ගොවීන්ට මෙම රක්ෂණය ලබාදුන් අතර ඒ සඳහා එක් ගොවියෙකුගෙන් රුපියල් 642ක මුදලක් අය කරනු ලැබුවා.
රජය එම රක්ෂණ මගින් සියයට 82ක් ගෙවීමට කටයුතු කළ අතර ඉදිරි කන්නයේ සිට එම රක්ෂණ මුදල රජය විසින්ම ගෙවීමටයි තීරණය කර ඇත්තේ.