2018 යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද ආරම්භ වුණා.
පළාත් කිහිපයක අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 38 කට සහ සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 41 ක සහතික මිලක් යටතේ මෙහිදී මිලදී ගන්නා බවයි වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ.
ඒ සදහා රුපියල් මිලියන 4900 ක් රජය වෙන් කර තිබුණා.
