Gossips

යල කන්නයේ බඩඉරිඟු වගාවට කෘෂිකර්මයෙන් උපදෙස් – පලතුරු ඉදවීමට රසායනික යොදාගැනීම තහනම්

ඉදිරි යල කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට සේනා දළඹු උවදුරෙන් වගාවන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ සංග්‍රහයක් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එහි සේනා දළඹු මර්දන විශේෂ ඒකකයේ ප්‍රධානී නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ අනුර විජේතුංග කියා සිටියේ සේනා දළඹු උවදුර මේ වනවිටත් බොහෝ දුරට පාලනය වී ඇති බවයි.
තවදුරටත් සේනා දළඹු උවදුර ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් විශේෂ වැඩපිලිවෙල රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම, සේනා දළඹු උවදුර හේතුවෙන් හානියට ලක්වූ වගාවන්ට වන්දි තක්සේරු කිරීමේ ක්‍රියාවලිය ඉදිරි සති දෙක ඇතුළත අවසන් කිරීමටද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වනවා.
අස්වනු නෙලීම අවසන් වනතෙක් වගා හානි ගණනය කිරීම් අපහසු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, පළතුරු ඉදවීම සදහා මෙරටට ගෙන එන රසායනික තහනම් කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් පවසනවා.
හොරොව්පතාන ප්‍රදේශයේදී ඊයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.