මෙවර යළ කන්නය සඳහා වී, අතිරේක බෝග සහ එළවළු වගාවන් සඳහා බිම් සකස් කිරීම දැන් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම් දෙනවා.
එහි නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග කියා සිටියේ යළ කන්නයේදී කුඹුරු හෙක්ටයාර හාරලක්ෂයක් වගා කෙරෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
