Gossips

යලි හමුදා පාලනයකට තායිලන්තයේ වැඩි කැමැත්ත

2011 වසරෙන් පසු තායිලන්තයේ පැවති ප්‍රථම මහ මැතිවරණයෙන් එරට හමුදාවට සහය දක්වන පාලනය තවදුරටත් ක්‍රියාත්මකවීමට මග සලසා තිබෙනවා.
ඒ, 2017 වසරේදී යින්ලක් ෂිනවත්‍රා පළවා හැරීමේ හමුදා කුමන්ත්‍රණය දියත් කළ ජෙනරාල් ප්‍රයුත් චාන් ඕචාගේ පී.පී.ආර්.පී. පක්ෂයට වැඩි ප්‍රසාදයක් අත්කරදෙමින්.
විශේෂයෙන් බැංකොක් හිදී ප්‍රයුත් චාන්ගේ පක්ෂය විශිෂ්ඨ ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා.
2014 වසරේ කුමන්ත්‍රණයෙන් පසු හමුදාව තායිලන්ත ව්‍යවස්ථාව සංශෝධනය කළ අතර, ඉදිරියේ පිහිටුවන ඕනෑම රජයක් මිලිටරි ජුන්ටාව නම් කළ 250 දෙනෙකුගෙන් යුත් සෙනෙට් මණ්ඩලයේ සහය ලබාගත යුතුයි.
ඒ අනුව ප්‍රයුත් චාන් ඕචා තායිලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස තවදුරටත් කටයුතු කරනු ඇතැයි අපේක්ෂිතයි.rn