Gossips

යතුරු පැදි අනතුරකින් තරුණයෙකු මරුට

හොරණ බොරලුගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක් තවත් යතුරු පැදියක් ඉස්සර කිරීමට යාමේදී මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.
ඊයේ (28) සවස මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර, එම අනතුර සිදුවන ආකාරය ඒ අසල තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.