Gossips

යතුරු පැදියක ගැටි පුද්ගලයෙකු මරුට

හැටන් කොටගල ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වු යතුරු පැදියක ගැටි මාර්ගය හරහා ගමන් ගත් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචිව 47 හැවිරිදි පුද්ගලයෙක්.
අද (03) උදැසන 8 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙම අනතුරින් යතුරුපැදිකරු ද බරපතල තුවාල ලබා දික්ඔය මුලික රෝහල ඇතුලත් කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් දිඹුල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර මෙම අනතුර සිදුවන ආකාරය නගරයේ පිහිටි වෙළඳසලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.