Gossips

යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් තරුණයෙකු මරුට (ඡායාරූප)

මතුගම අගලවත්ත ප්‍රදේශයේදී යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ තරුණයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ බුලත්සිංහල දියකඩුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.
යතුරු පැදියේ පැමිණි අනෙක් තරුණයා බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
මෙහිදී තවත් ත්‍රී රෝද රථයක් ද අනතුරට ලක්වී තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඡායාරූප – අගලවත්ත ධනුෂ්ක ලංකා නානායක්කාර