පස්යාල ප්‍රදේශයේ කායවර්ධන මධ්‍යස්ථානයක් අසල නවතා තිබූ යතුරුපැදියක් සොරකම් කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 20 වනදා සැකකරු යතුරුපැදිය සොරකම් කරන ආකාරය ඒ අසල සවිකර තිබු කැමරාවක පටිගත වී තිබුනා.
එම දර්ශණ ඔස්සේ පරීක්ෂණ සිදු කළ පොලිසිය කොටදෙණියාව ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.
ඒ අසල නිවසක පදිංචි සැකකරු ද අත්අඩංගුවට ගත් අතර එම පුද්ගලයා හෙට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
