Gossips

යතුරුපැදි සොරකම් කර කොටස් අලෙවි කළ 4 ක් අත්අඩංගුවට

කලුතර සහ පානදුර ප්‍රදේශවල යතුරුපැදි සොරකම්වලට අදාළව සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කලුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් විසිනුයි ඊයේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙම පුද්ගලයන් කලුතර ප්‍රදේශයේදී යතුරුපැදි 4 ක් සහ පානදුර ප්‍රදේශයේ නතර කර තිබු යතුරුපැදියක් සොරකම් කර ඒවා කොටස්කර අලෙවි කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.
රුපියල් ලක්ෂ 5 කට අධික එම යතුරුපැදිවල කොටස් ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට සිදුකර ඇතැයි අනාවරණ වී ඇති අතර ඔවුන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.