Gossips

යතුරුපැදි ප්‍රවාහනය කළ ලොරි රථයක් පෙරළෙයි (ඡායාරූප)

කොළඹ සිට යාපනය දක්වා යතුරුපැදි ප්‍රවාහනය කළ ලොරි රථයක් අද(08) අලුයම මාන්කුලම,පනික්කන්කුලම ප්‍ර‍දේශයේදී පෙරළීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය පවසනවා.
පොලිසිය පැවසුවේ රියදුරුට නින්දයාම හේතුවෙන් ලොරි රථය පෙරළී ගොස් ඇති අතර, අනතුරින් ලොරි රථ රියදුරු සුළු තුවාල ලබා ඇති බවයි.
ලොරි රථය පෙරළීම හේතුවෙන් ලොරි රථයේ රැගෙන ගිය යතුරුපැදි කොටසක් කැඩී ගොස් ඇති බවද පොලිසිය පවසනවා.
අනතුරින් ලොරි රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති බවද පොලිසිය සදහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.