කල්පිටිය – පාලවිය මාර්ගයේ මාම්පූරිය ප්රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ රාත්රියේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාම්පූරි – නාවක්කාඩුව ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.
යතුරුපැදි වේගයෙන් ධාවනය කිරීම අනතුරට හේතුව බව පොලීසිය සඳහන් කළා.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.