Gossips

යතුරුපැදි දෙකක් එකට ගැටී සිදුවූ අනතුරෙන් අයෙක් මරුට

යතුරුපැදි දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් ඇති බව පුත්තලම පොලිසිය පවසනවා.
ඊයේ (12) රාත්‍රි 7ට පමණ පුත්තලම – කුරුණෑගල මාර්ගයේ කල්අඩිය මංසන්ධියේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ ආණමඩුව – තට්ටෑව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 50ක දෙදරු පියෙක්.
පුත්තලම දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදියක් කල්අඩිය මංසන්ධියේදී පාලාවිය දෙසට හැරවීමට උත්සාහ කිරීමේදී ඊට පිටුපසින් පැමිණ තවත් යතුරුපැදියක් එහි ගැටී තිබෙනවා.
අනතුරින් යතුරුපැදි දෙකේ ගමන් කළ දෙදෙනා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ පිටුපසින් පැමිණි යතුරුපැදිය පැදවූ තැනැත්තා බවයි පොලිසිය පැවසුවේ.
නොසැලකිලිමත් යතුරුපැදි ධාවනය අනතුරට හේතුවී ඇති අතර පුත්තලම පොලිසියේ රථ වාහන අංශය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු කරනවා.