ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරුවලින් යතුරුපැදිකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ තිහාරිය ප්‍රදේශයේ කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් ඊයේ (29) අනතුරක් සිදුවුණා.
සිද්ධියෙන් යක්කල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම, කඩවත – කිරිබත්ගොඩ මාර්ගයේ මහර – එක්සත් මාවත අසලදී මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි කැළණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
