මීරිගම – දිවුලපිටිය මාර්ගයේ වෙදහන්දියේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක්. එම කාන්තාව පැදවූ යතුරුපැදිය වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර, සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ එහි ගමන් ගත් අනෙක් පුද්ගලයායි.
මේ අතර, වාරියපොළ – පුත්තලම මාර්ගයේ මාමුණුව මං සන්ධියේදී යතුරුපැදියක ගැටීමෙන් 56 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියා.
