Gossips

යතුරුපැදි අනතුරුවලින් තරුණයින් තිදෙනෙක් ජීවිතක්ෂයට

දිවයිනේ ප්‍රදේශ දෙකකදී යතුරුපැදි අනතුරුවලින් තරුණයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඉන් එක් අයෙක් 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක්.
මාතර – කොටවිල – කඹුරුගමුව වැව අසළදී අද (23) අලුයම සිදුවූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව වුණා.
වැලිගම සිට මාතර දෙසට ධාවනය කරමින් තිබූ යතුරුපැදිය වේගය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එහිදී යතුරුපැදියේ ගමන් ගත් 20 හැවිරිදි සහ 21 හැවිරිදි තරුණයින් දෙදෙනා බරපතල තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔවුන් තිහගොඩ සහ කොටපොල ප්‍රදේශවල පදිංචිකරුවන්.
මේ අතර, වැලිපැන්න පන්නිල ප්‍රදේශයේ ඊයේ (22) පස්වරුවේ සිදුවු යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට පත්වුණා.
අවිත්තාවේ සිට පන්නිල බලා ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළි යාමෙන් මෙම අනතුරු සිදු වු බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධියෙන් තුවාල ලැබු යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා ඉත්තෑපාන රෝහල ඇතුළත් තිරිමෙන් අනතුරුව එහි පසුපැදිකරු වන ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවා ජිවිතක්ෂයට පත්වුණා.