Gossips

යතුරුපැදි අනතුරුවලින් අටදෙනෙකු ජීවිතක්ෂයට

ගතවූ පැය 24 තුළ දිවයිනේ ස්ථාන අටකදී සිදුවූ යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයින් අටදෙනෙකු මියගොස් තිබෙනවා.
තිරුක්කෝවිල්, පිටිගල ,මැදිරිගිරිය, ගිරාදුරුකෝට්ටේ, වැලිකන්ද, වලස්මුල්ල, සූරියවැව සහ මොරගොඩ ප්‍රදේශවලදීයි මෙම අනතුරු සිදුව ඇත්තේ.
ඊයේ (14) පස්වරුවේ සිදුවූ මෙම අනතුරුවලින් මියගිය සියලුදෙනා පිරිමි පුද්ගලයින් වන අතර, ඔවුන් අතුරින් බහුතරයක් තරුණයන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.