Gossips

යතුරුපැදි අනතුරකින් වයෝවෘද්ධ පුද්ගලයෙකු මරුට (ඡායාරූප)

මුලතිව් උදයාර්කට්ටු මංසන්ධියේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ සවස අනතුර සිදුව ඇත්තේ අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය වේගය පාලනය කර ගැනීමට නොහැකිව වෙනත් වාහනයක ගැටීමෙනුයි.
බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මුලතිව් රෝහලට ඇතුලත් කිරීමේදී මරණයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 80 හැවිරිදි පුද්ගලයෙක්.
පුදුකුඩිඉරිප්පු පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශණ මෙහෙයවනවා.

ඡායාරූප – වන්නි රොමේෂ් මදුෂංක