Gossips

යතුරුපැදි අනතුරකින් මවක් සහ දියණියක් මරුට

කුරුණෑගල – මහනුවර මාර්ගයේ නුගවෙල ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති මවගේ වයස අවුරුදු 24ක් වන අතර දියණියගේ වයස අවුරුදු දෙකයි මාස තුනක්.
මොවුන් අඹන්පොල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
ඔවුන් ගමන් කළ යතුරුපැදිය තවත් යතුරුපැදියක පසුපස ගැටී ඇති අතර පසුව පෞද්ගලික බස් රථයට යටවී ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.