Gossips

යතුරුපැදි අනතුරකින් මවක් සහ පුතෙකු මරුට

කුරුණෑගල – මහනුවර මාර්ගයේ නුගවෙල ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් මවක් සහ පුතෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති මවගේ වයස අවුරුදු 24ක් වන අතර පුත්‍රයාගේ වයස අවුරුදු දෙකහමාරක්.
මොවුන් අඹන්පොල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
ඔවුන් ගමන් කළ යතුරුපැදිය තවත් යතුරුපැදියක ගැටී පෙරලී ගොස් ඇති අතර පසුව පසුපසින් පැමිණි පෞද්ගලික බස් රථයට යටවී ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.