වැල්ලවාය කණ්ඩියාගම ප්‍රදේශයේදී යතුරුපැදියක් ලංගම බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්කළ පොලිස් නිලධාරිනියක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ (07) පස්වරුවේ සිදුවූ මේ අනතුරින් තුවාල ලබා ඇත්තේ මොණරාගල මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කල පොලිස් නිලධාරීනියක්.
අනතුරින් තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැල්ලවාය පොලිසිය අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.
