වේයන්ගොඩ සපුගස්තැන්න ප්‍රදේශයේදී යතුරු පැදියක්, පා පැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.
ඊයේ (29) සවස 7 ට පමණ මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
මියගිය තරුණයා මන්නාරම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු බවයි පොලිසිය කියා සිටියේ.
අනතුර සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
