පානදුර – රත්නපුර මාර්ගයේ ඉංගිරිය – මානාන ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් තරුණයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ යතුරුපැදිය වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක ගැටීමෙන්.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා ඉංගිරිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව 24 හැවිරිදි පසුපැදිකරු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මියගිය 24 හැවිරිදි තරුණයා පානදුර – කිරිබේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
