Gossips

යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු මිය යයි

මුලතිව් – වෙල්ලන්කුලම – මාලාවි මාර්ගයේ ඉලූපන්කඩවෙයි ප්‍රදේශයේදී සිදු වු රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සදහන් කළේ මල්ලාවි දෙසට ධාවනය වූ යතුරුපැදියක් තවත් යතුරුපැදි දෙකකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදු වී ඇති බවයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පැදිකරු මුලන්කාවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.