Gossips

යතුරුපැදි අනතුරකින් තරුණියක් මරුට

කඩවත උඩුපීල්ල ප්‍රදේශයේ අද උදෑසන සිදුවු අනතුරකින් තරුණියක් මියගොස් තිබෙනවා.
ඇය තම පියා සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී එය පෞද්ගලික බස් රථයක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ උඩුපීල්ල ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි පෙරපාසල් ගුරුවරියක්.
ඇයගේ පියා ද අනතුරින් බරපතල තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
බස් රථයේ රියදුරාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අනතුර සිදුව ඇති බවටයි පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
අනතුරට සම්බන්ධ පෞද්ගලික බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර මීගහවත්ත පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.