Gossips

යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මරුට

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කඹුරුගමුව වැව ආසන්නයේදී සිදුවු යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
අද අලුයම 1.35 ට පමණ අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මාතර දෙසට ධාවනය වූ යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
එහිදී බරපතල තුවාල ලැබූ තරුණයන් දෙදෙනා මාතර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි සඳහන්.
මෙලෙස මරණයට පත්වී ඇත්තේ තිහගොඩ සහ කොටපොල ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 සහ 21 වයස්වල පසුවූ දෙදෙනෙක්.
මෘත ශරීර මාතර රෝහලේ තැන්පත් කර ඇති අතර කොටවිල පොලිසිය විමර්ශණ සිදු කරනවා.