මොරගහහේන, විදියගොඩ ප්රදේශයේදී අද (01) උදැසන යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ විදියගොඩ ප්රදේශයේම පදිංචි 30 හැවිරිදි තරුණයෙක්.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු ටිපර් රථ රියදුරා විසින්ම බණ්ඩාරගම දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් යතුරුපැදි කරු මියගොස් සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
