කොටදෙනියාව ඒකල ගිරිඋල්ල ප්රධාන මාර්ගයේ වල්පිට යොවුන් සේනාංකය අසලදී ගිරිඋල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් එම දිසාවට ධාවන වූ බවුසර් රථයක් පසුකර යාමට උත්සහ කිරීමේදී එම බවුසර් රථයේ ගැටී තරුණයෙකු මියගොස් තිබෙනවා.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුකරු දඹදෙණිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි මෙලෙස මියගොස් තිබෙන්නේ.
මියගිය තරුණයා වයස අවුරුදු 20ක් වූ ගම්පොල හෙම්මාතගම ප්රදේශයේ පදිංචි කසුන් මනෝජ් නමැති අයෙකු බවයි පොලිසිය පැවසුවේ.
මෘත ශරීරය දඹදෙණිය මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය වැඩිදුරටත් ප්රකාශ කළේ.