Gossips

යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට (ඡායාරූප)

දේවාලයකට යමින් සිටි තරුණයාට අතරමගදී සිදුවූ අදහාගත නොහැකි දේ
ගලෙන්බිඳුනු වැව ගෝමරන්කඩවල ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද උදෑසන 8 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ පැදිකරුට යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙනුයි.
හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් 27 හැවිරිදි තරුණයා එම ස්ථානයේම මරණයට පත්ව ඇතැයි සඳහන්.
ඔහු දේවාලයක් වෙත යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මියගිය තරුණයාගේ මෘත ශරීරය ගලෙන්බිඳුනුවැව රෝහලේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධිය පිළිබඳ ගලෙන්බිඳුනුවැව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.