Gossips

යතුරුපැදියක ගමන් ගත් තරුණයෙකු දුම්රියේ ගැටී සිදුවූ මාරක අනතුරේ සී.සී.ටී.වී සාක්ෂිය

කොළඹ සිට යාපනය බලා ධාවනය වු දුම්රියේ යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ (01) පස්වරුවේ සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යාපනය, චාවකච්චේරිය රෝහල ඉදිරිපිට දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය, නාවට්කුලිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.
දුම්රිය ගේට්ටු සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී අදාල තරුණයා දුම්රිය මාර්ගය හරහා යතුරුපැදිය ධාවනය කර ඇති අතර එහිදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරෙන් බරපතල තත්වයේ පසුවූ තරුණයා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සිදුවන ආකාරය පහතින් (සංවේදී දර්ශන සහිතයි)