Gossips

යතුරුපැදියක් වන අලියෙකුගේ ශරීරයේ ගැටීමෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට

මහනුවර – යාපනය – ඒ 9 මාර්ගයේ ඥානික්කුලම පාලම අසලදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි වනඅලියෙකුගේ ගැටීමෙන් එහි ගමන් ගත් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනුරාධපුර සිට කැකිරාව දෙසට මෙම යතුරුපැදිය ධාවනය කර ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ තිරප්පනේ – උලුගල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.
අදාළ පොලිස් නිලධාරියා මෝදර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.