Gossips

යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් කාන්තාවක් මරුට

කොච්චිකඩේ නගරයේදී අද දහවල් සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.
යතුරුපැදියක් කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රයක් රැගත් ලොරියකට යටවීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.
මියගොස් ඇත්තේ කොච්චිකඩේ ප්‍රදේශයේම පදිංචි 33 හැවිරිදි කාන්තාවක්.
ඇයගේ සැමියා යතුරුපැදිය පදවාගෙන ගොස් ඇති අතර ඔහු සහ අවුරුදු 3 හමාරක් වයසැති කුඩා දරුවා ද අනතුරින් තුවාල ලබා තිබෙනවා.
යතුරුපැදියේ අපරීක්ෂාකාරී ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බවටයි මූලික විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.