Gossips

යතුරුපැදියක් බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් තරුණයෙකු මියයයි (ඡායාරූප)

මාතර වැලිගම හේන්වල ප්‍රදේශයේදී අද උදෑසන යතුරු පැදියක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම කප්පරතොට ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක්.
මියගිය තරුණයා මිට දින දෙකකට ඉහතදී විවාහ දිවියට එලඹි ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
යතුරු පැදියේ ගමන් කල පසුපැදිකරු බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.
අනතුර සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.


(ඡායාරූප – වැලිගම මහේෂ් මල්ලවආරච්චි )