යටියන්තොට – හල්ගොල්ල – උඩගිල්මවත්ත ප්රදේශයේදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයෙකු එම ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
ඊයේ (02) මෙලෙස මිය ගිය කාන්තාවගේ වයස අවුරුදු 26ක් වන අතර, පිරිමි පුද්ගලයා 27 වන වියේ පසුවන බවයි පොලීසිය සඳහන් කළේ.
ඝාතනයට ලක්වූ කාන්තාව සහ වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් පුද්ගලයා අතර අනියම් සබඳතාවක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ.
වෙඩි තැබීම සිදුවූ වත්තේ මුරකරු ලෙස සේවය කරන පුද්ගලයාගේ පුතා විසින් මෙම ඝාතනය සිදුකර තිබෙනවා.