Gossips

යටිබේරියේදී කැලණි ගඟේ දියේ ගිලී සියල්ලන් හඬවමින් කනිෂ්ක ජීවිතයෙන් සමුගනී

ගිනිගත්හේන, යටිබේරිය ප්‍රදේශයේදී ඊයේ (20) කැලණි ගඟේ සිදුවූ බෝට්ටු අනතුරකින් දියේ ගිලී තරුණයෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කටුවැල්ලේගම මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.
ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ සිසුවෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඊයේ උදෑසන තවත් පිරිසක් සමඟ කැලණි ගඟේ බෝට්ටු මත ජල ක්‍රීඩා කරමින් සිටියදී සිදුවූ අනතුරකින් මොහු දියේ ගිලී මියගොස් තිබෙනවා.
මෘත දේහයේ තලිගම රෝහලේ තැන්පත් කර ඇති අතර දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) සිදුකිරීමට නියමිතයි.
ගිණිගත්හේන පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
මේ අතර ගිනිගත්හේන, යටිබේරිය ප්‍රදේශයේදීම කැලණි ගඟේ දිය නෑමට ගිය රංගන ශිල්පිනී තුෂානි ද සිල්වා පසුගිය 17 වනදා දියේ ගිලීමෙන් මිය ගියා.
31 හැවිරිදි එක්දරු මවක වන තුෂානි ද සිල්වා පදිංචිව සිටියේ, මහනුවර සුදුහුම්පොළ ප්‍රදේශයේයි.
පවුලේ සාමාජිකයින් සමග විනෝද චාරිකාවක් අතරතුර ඇය මෙම අනතුරට මුහුණ දී තිුබුණා.