Gossips

යකැදුරෙකු ලෙස මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

යකැදුරෙකු ලෙස පෙනී සිටිමින් කාන්තාවන් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු මොණරාගල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු විවිධ ශාන්තිකර්ම සහ යන්ත්‍ර මන්ත්‍ර සිදුකරන බව පවසමින් මෙලෙස කාන්තාවන් රවටා මුදල් ගෙන ඇති බව සඳහන්.
ප්‍රදේශ රැසකම කාන්තාවන් රවටා ඇති මෙම සැකකරු ඇතැම් අවස්ථාවලදී ලිංගික අතවරද සිදුකර ඇති බවටයි පොලීසියට අනාවරණ වී ඇත්තේ.
මොණරාගල – වැදිකුඹුර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මොහුට ස්ථිර පදිංචියක් නොමැති පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළා.