මාන්කුලම්, පනික්කන්කුලම් ප්‍රදේශයේදී අද (04) අලුයම දුම්රියක ගැටීමෙන් වන අලියෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.
කොළඹ කොටුවේ සිය කන්කසන්තුරේ බලා ධාවනය වූ තැපැල් දුම්රියේ මෙම වන අලියා ගැටී තිබෙනවා.
වනජීවී නිලධාරීන් සදහන් කළේ අනතුරෙන් මිය ගිය වන අලියාගේ ශරීරයේ වෙඩි පහරවල් කිහිපයක් දක්නට ඇති බවයි.
ඡායාරූප – වවුනියාව, දිනසේන රතුගමගේ
