Gossips

යකඩ කම්බි කිලෝ 7000ක් සොරා ගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

හම්බන්තොට – සූරියවැව ප්‍රදේශයේදී යකඩ කම්බි කිලෝ 7000ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගය දිගු කිරීමේ ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගන්නා අඩි 20ක් පමණ දිගැති යකඩ කම්බි 810ක් මෙලෙස මොවුන් සොරාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු චීන ජාතිකයෙකු වන අතර ඔවුන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට අද (24) ඉදිරිපත් කිරීමට නියමිතයි.