Gossips

මෝල් චමින්දගේ මත් ජාවාරම මෙහෙයවූ කාන්තාවක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෝල් චමින්දගේ ජාවාරම් මෙහෙයවූ කාන්තාවක් ග්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් 27 හැවිරිදි මෙම කාන්තාව ළග තිබී හෙරොයින් ග්‍රෑම් 504 ක් ද සොයා ගත් බවයි සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය සදහන් කළේ.
සැකකාරිය අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.